Sunday, 30 December 2018

ජපන් දරුවන් වැසිකිලිය කලමනාකරණය කරන හැටි

අපේ දරුවන් වැසිකිලි යන හැටි ඉගෙන ගනිද්දී ජපන් දරුවන් වැසිකිලිය කලමනාකරණය කරන හැටි ඉගෙන ගැනීම.
_____________________



________________________
ජපන් අධ්යාපනයේ මුලිකම තේමාව වනුයේ විෂය දැනුමට ප්රථමයෙන් විනයගරැක බව යන්නයි(Discipline before education). අප අපේ පාසල්වල වැසිකිලි පාසලේ කොනටම රැගෙන යද්දී , එය පාසලේ අපිරිසිදුම අප්රසන්නම කෙල ගසන, කුනු දමන, කුනුහරැප බිත්තිවල ලියන, ටැප් කඩාදමන තැනක් බවට පත්කර ගනිද්දී ජපන් පාසල්වල එය, පංති කාමරය අසලටම රැගෙන විත් එය පාසලේ ප්රසන්නම, ප්රියජනකම දරුවන්ට විශිෂ්ඨ අධ්යාපනයක් ලබාදියහැකි, දරුවාට ජිවිතය ඉගෙනගතහැකි වගකීම් සහගත පුරවැසියෙකු තණන, තැනක් බවට පත්කරයි.
මන්ද වැසිකිලිය භාවිතය හා වැසිකිලිය කළමනාකරනය දරුවන් පාසලෙන් ලැබියයුතු අධ්යාපනයේම කොටසක් ලෙස ජපන් අධ්යාපනවේදීන් සලකන බැවිනි.
ඒ අනුව සැම දරුවෙක්ම පාසල ඇරි නිවසට පිටත්විමට පෙර, අවම වශයෙන් පැය භාගයක්වත් වැසිකිලිය විද්යාත්මකව පිරිසිදු කිරිම සහ එය ප්රසන්න ප්රියමනාප තැනක් ලෙස කළමනාකරනය කිරිම පිලිබදව ඉගෙන ගනී.
මෙම කාර්යය සදහා පලමු වසරේ සිට අවසන් වසර දක්වාම දරුවන් සහභාගි විය යුතුය. පංතියේ ගුරැවරයාද දරුවන් සමගින්ම මෙම කාර්යය සදහා සහභාගිවන අතර, ඉහල පංතිවල පුහුනුව ලැබු අයියලා සහ අක්කලා පැමිණ පහල පංතිවල නංගිලා මල්ලිලාට මේ පිලිබදව තවදුරටත් අවබෝධයක් ලබාදේ.
අනාගතයේදි තමන්ගේ රට, තමන් වැඩකරන ආයතනය, තමන්ගේ ගම සහ තමන්ගේ නිවස පිරිසිදුව පවත්වාගෙන යාම සදහා දරැවන් මෙමගින් මනා පුහුනුවක් ලබයි. පිරිසිදු කමින් සපිරි කැලිකසල වලින් තොර ජපානය හා එහි ප්රසන්න මං මාවත් දක්නාවිට ඔවුනගේ අධ්යාපන ප්රතිපත්ති කොපමනනම් නිවැරදිද යන්න අවබෝදවේ.
එහෙත් අවාසනාවට අප අපගේ අධ්යාපනය තුල නිර්මානය කරනුවේ කවර අකෘතියක පුරවැසියෙක්ද?
වැසිකිලියට ගොස් වලට නොව වටේට මුත්රා කරන, වැසිකිලි ගොස් වතුරවත් නොගසන, තමන්ගේ අතපයවත් සබන් ගා නොසෝදන වතුර ගන්නා ටැප් එකද වෛයිරයෙන් ද්වේශයෙන් කඩාදමන, බිත්ති පුරා අසහනය පෙන්විමට තිත්ත කුනුහරැප ලියන, වැසිකිලි යෑම තමන්ගේ වැඩක් ලෙසත් එය පිරිසිදු කිරිම අනුන්ගේ වැඩත් ලෙසත් දකින, වගකිම හෝ වගවිම පිලිබද මෙලෝ හසරක අවබෝදයක් නැති, තමන්ගේ කුනු කසලද අනුන්ගේ වතුවලට විසිකරන පොතේ උගතුන් පමනක් ගොඩනගන ශීලාචාර පුරවැසියන් ගොඩනොනගන මෙි අධ්යාපනය කුමකටද? කා සදහාද?
හැමෝගෙම ඇස් අරවන මේ සටහන උපුටා ගත්තේ ලසන්ත කාරියප්පෙරැම, ගෙන්. ස්තූතියි !
තව කෙනෙකුට කියවන්න Share 🔄 කරන්න.
දිනේෂ් ජයවර්ධන

පුද්ගල සංවර්ධන දේශක හා වෘත්තීය මාර්ගෝපදේශක
@dineshvoices

No comments:

                                 " ජයග්‍රාහකයා යනු කිසිවිටෙකත් අත්නොහරින සිහින දකින්නෙකි." "A winner is a dreamer, who...