==================
"ලෝකය ම මෙහිදී දකින්නේ ජපානය දියුණු
වුණේ මහන්සි වෙලා වැඩ කිරීමෙන් කියලයි. ඒකේ වරදකුත් නැහැ. නමුත් මම විශ්වාස කරන්නේ
ජපානය වේගයෙන් දියුණුවෙන්න බලපෑ ප්‍රධාන සාධකය
වුණේ අලුත් අදහස්වලට තැනක් දීම කියලයි.
ඔවුන් වැඩිපුර නව අදහස්වලට තැන දුන්නා. නව නිර්මාණ අලුත් ක්‍රමවේද ආදියෙන් රටේ සෑම අංශයක ම කාර්යක්ෂමතාව
වැඩි කිරීමට කටයුතු යෙදුවා. සමාගම්වලින්
පුද්ගලික අංශයෙන් පර්යේෂන සහ සංවර්ධන කටයුතුවලට මුදල් වැය කළා. මම වැඩ කළ හිතාචි සමාගමත් මේ විදිහට නව
පර්යේෂණවලට වැඩි කාලයක් මුදලක් වැය කළ
සමාගමක්.අනෙක
ජපන් අධිරාජ්‍යයා ඇමෙරිකාවෙන් සමාව ගත් නිසා ඇමෙරිකාවත් ජපානයේ සංවර්ධනයේදී පසු
කාලීනව යම් සහයක් දැක්වූවා.
ඇමෙරිකාවටත්
ඕන වුණේ ජපානය පූර්ණ ප්‍රජාතන්තවාදී තත්ත්වයක දුවන්න. නමුත් මේ
සමඟ වුණු දෙයක් තමයි ජපානයේ කම්කරු සංවිධාන ශක්තිමත් වීම. වාමාංශික කඳවුර
ජපානය තුළ ශක්තිමත් වීම වගේ දේවල්. නමුත් එය දේශපාලනික වශයෙන් රුසියානු
හිතකර පසුබිමක් නිර්මාණය වුණා. නමුත් ජපානයටත් ඇමෙරිකාවටත් මේ සඳහා
අවශ්‍යතාවක් තිබුණේ නැහැ. මේ නිසා ඒ පසුබිම මුලින්ම පාලනය කළා.
ජපානය
මේ සමඟ අනුගමනය කළ තවත් පියවරක් තමයි රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් ලිහිල්
නොකිරීම. විදේශයෙන් එරට විදෙස් සංචිත ආරක්ෂා කර ගන්න වැඩ කළා. භාණ්ඩ ආනයනය
සීමා කළා. සල්ලි තිබුණත් මිනිස්සුන්ට ඕන විදිහට බඩු භාණඩ ගැනීමේ අවස්ථාවක්
මුලදී තිබුණේ නෑ. ඔවුන්ට සලාක ක්‍රමයකට තමයි භාණ්ඩ මිල දි ගන්නට අවස්ථාව
ලබා දුන්නේ. තමන් මාසෙකට වියදම් කරන්න ඕන මුදල වගේ දස ගුණයක් ඔවුන් ඉපැයිය
යුතුය යන සංකල්පය ගෙනාවා. එයින් මිනිස්සු වැඩි වැඩියෙන් උපයන්න මහන්සිවෙලා
වැඩ කරන්න ගත්තා. අනෙක් අතින් රටේ කෘත්‍රිම ව උද්ධමනයක් ඇති කළා.
මෙම උද්ධමන තත්ත්වය රටේ නිෂ්පාදිත භාණ්ඩ විදේශයන්ට විකිණීමේ දී අපනයනකරුවන්ට
හිතකර තත්ත්වයක් අති වුණා.
මේ
අතරේ කර්මාන්ත දියුණු කිරිමට අවශ්‍ය සියලු නව අදහස් සැලසුම් දියත් කළා.සෑම
නිර්මාණයක ම ප්‍රධාන අරමුණ වුණේ කාර්යක්ෂමතාව වැඩි කිරිම. ඔබ දන්නවා ලංකාවෙත්
තිබෙනවා හිතාචි දුම්රිය එන්ජින්. මෙම දුම්රිය එන්ජින් ජපානයට ගැළපෙන
ලෙස සංයුක්ත යාන්ත්‍රණ ක්‍රමවේදයකට දියුණු කිරිමේදී අපිටත් සැහෙන්න වෙහෙසි
වැඩ කරන්න වුණා. නිතර නිතර අත්හදා බලමින් අලුත් නිර්මාණයන් කරමින් මේ
වැඩවල අපට යෙදෙන්න වුණා. සාමාන්‍යයෙන් මුල් කාලයේ අපි සතියකට පැය 100ක් 125ක්
වැඩ කළා. සමහර දවස්වලට මම ගෙදර ගියේවත්නෑ. කාර්යාලයේ මුල්ලක තිබුණු පොඩි
ඇඳක ටිකක් වෙලා නිදාගෙන ආයෙත් වැඩ කළා.
අපි
නිවාඩු ගත්තේ නැති තරම්. මම හිතාචි සමාගමේ වැඩ කරනකොට
අහම්බෙන් නිවාඩුවක් ලැබුණ දවස අද වගේ මතකයි. එදා වැඩ
වර්ජනයක් නිසා මට වැඩට යන්න බැරිවුණා. මේ නිසා මම බිරියයි
ළමයි
දෙන්නනයි එක්ක එදා ට්‍රිප් එකක් ගියා. මේක මතක හිටින්නේ අපි වැඩ නොකළ දවස්
ඒ තරම්ම අඩු නිසයි.
ජපනුන්ට
වැඩ කිරීමේ හොඳ සංස්කෘතියක් තිබෙනවා . තමන්ට දෙන ඉලක්කය සපුරා ගන්න
බැරි නම් එය ඔවුන්ට මඳිකමක් කියලයි හිතන්නේ. ඒ නිසා
ඔවුන් තමන්ට පවරන කාර්යය අංක එකට තියල පුදුම කැපවීමකින් වැඩ කරනවා. එය ජපන්
සංස්කෘතියයි.
ජපානයේ
දියුනුවට බලපෑවේ වෙන මොකක්වත් නෙවෙයි ජපානයේ අද්විතීය අසම සම චින්තන රටාව. සෑම
විටෙක ම අලුත් අදහස්වලින් දියුණු වෙන්න බැලිම.සමහරු
කියනවා ජපානය බටහිරින් කොපි කරනවා කියල . ඒක වැරදියි. ජපානය හැමවිටෙකම
පවතින දෙයට වඩා උසස් දෙයක් දියුණු කළ දෙයක් තමයි ලෝකයට දෙන්නට බලන්නේ.
අපි සාර්ථක වුණු සෑම ක්ෂේත්‍රයක ම මෙම ලක්ෂණය තිබෙනවා.
දියුණුවට
බලපෑ අනෙක් කරුණ ජපානය සෑම භාණ්ඩයක් ම නිෂ්පාදනය කරද්දී අඩු වියදමකින්
උසස් ම ගුණාත්මක බව ලබා දෙන්නට උත්සාහ කළා. අපේ නව නිර්මාණ බොහෝමයක
ඉලකක්ය වුණෙත් එයයි.
අපේ
රටේ වැඩකරන තැන්වල බොහෝ අදහස් ක්‍රමවේද දියුණුවෙලා තිබෙන්නේ පහළ සිට
ඉහළට. එයින් ඕනෑම ක්ෂේත්‍රයක ඕනෑම ධුරාවලියක පහළ ම
සිටින පුද්ගලයාටත් තමන් කරන කාර්යයේ බරපතලකම වගකීම ගැන අවබෝධයක් ඇති වෙනවා.
ඔවුනුත් මේ ක්‍රියාවලියේ කොටස්කරුවන් කියන අදහස ඔවුන්ට තිබෙනවා.
අධ්‍යාපනයේදි
වේවා, නිෂ්පාදන
ක්‍රියාවලියේදි වේවා වාණිජ ප්‍රතිපත්ති හෝ ඕනැම ක්ෂේත්‍රයක ගැටලු
නිසි ලෙස හඳුනා ගැනීමේ ඒවා වාර්තා කිරිමේ සහ ඊට අදාළ
නිසි විද්වත් විසදුම් ප්‍රකාශයකට පත් කිරීමේ හොඳ යාන්ත්‍රනයක් ජපානයට
තිබුණා. මේ නිසා ඉතා ඉක්මනින් ඕනෑ ගැටලුවකට සම්පූර්ණ විසඳුම ලබා ගන්නට
පුළුවන් වුණා. එයත් රටේ තිබුණු හොඳ ලක්ෂණයක්."
- ඉංජිනේරු ආචාර්ය, මහාචාර්‍ය
ටොමිජි වටාබේ (අවු.95)

No comments:
Post a Comment