අවුරුදු 17 ක නව යොවුන් තරුණියක්ව සිටියදී රුධිර පරීකශණයක් සදහා ගිය ඈ හට ඉන් ලැබුනු ප්රථිපලයෙන් ඇගේ මුලු ලෝකයම ඇගේ දෙපා මුලම කඩා වැටුනා වාගේ දැනෙන්නට විය.
ඒ වන විටත් ඈ පස් මස් ගැබිනියක් බව දැන ගත් ඇය ඉන් පසුව කල්පනා කලේ ඒ බව ඇගේ මවට පවසන්නේ කෙසේද යන්නයි.ඒ වන විට ඇය පාසල ශිෂ්යායාවක් විය. නමුත් ඇගේ මව එය එතරම් තැකුවේ නැත. ඒ වන විට ඈ ජීවත් වූ ප්රදේශයේ
මෙවන් සිද්ධි සුලභ වු බැවිනි. ඉන් යම් සහනයක් ලැබුවද ඉන් පසු ඈ හට දැන
ගැනීමට ලැබුනු දෙයින් ඈ හට සිය දිවි හානි කර ගැනීමට තරම් සිතුනි. ඒ දොස්තර
වරුන් විසින් ඈ හට කැදවා එවූ ලිපියක් නිසාය.
එහි සදහන් වූයේ ඈ HIV
ඒඩ්ස් ආසාධිත තත්වයෙන් සිටින බවයි. මේ ගැන බොහෝ සෙයින් හඩා වැලපුනු ඈ මේ
බව සිය මවට දැනුම් දුන් පසු මව යක්ශාවේශ වී ඈ හට දැඩි ලෙස දෝෂාරෝපණය කරනු
ලබනවා. ඉන් පසුව ඇගේ මව ඈ මලා යයි සිතා ඈ අමතක කර දමනවා. ඈ ගැබිනියක් බව
දැන ගත් ඇගේ පාසලේ විදුහල්පති ඇයව පාසලෙන් නෙරපා දමනවා. එය ඈ හට කිසි සේත්
දරා ගැනීමට නොහැකි වනවා. ඉගෙනීම සදහා ඈ දැඩි ලෙස ඇලුම් කලා. නමුත් ඒ සිහින
සියල්ලම ඈ ඉදිරියේ සුනුවිසුනු වී යනවා. ගැම්බියාවේ ඉතා දුගී ගමක දිවි ගෙවූ
17 හැවිරිදි ජෝ ලෙව් ඈන් වික් නැමැති ඉරණමට අභියෝග කල දිරිය දියනියගේ
ජීවිතය මෙසේ ගලාගෙන යනවා. පාසලෙන් අස් කරනු ලැබු බව දැන ගත් ඈව සිය
නිවහනින් එලවා දමනවා. පාරක් පාරක් ගානේ ගියත් ඇගේ කතාව දැන ගත් කිසි
කෙනෙකුගෙන් ඈට අනුකම්පාවක් හිමි වුනේ නැහැ. ගල් ගසා පන්නා දැමීමට තරම් ගම්
වැසියන් දරුනු වුනා. මෙසේ ජීවිතයේ අන්තයටම වැටුනු ඈ කිසි දිනෙක ඉරණම විසින්
ලබා දෙන මෙවන් කටුක අත්දැකීම භාර ගත්තේ නැහැ. ඇය ඊට අභියෝග කලා. තලන්න
තලන්න පන්නරය ලබන වානේ තහඩුවක් වගේ ඈ ශක්තිමත්
වුනා. මෙසේ කිසිදු නෑ හිත මිතුරු සම්බන්ධයක් නැතිව ජීවත් වීමට තීරනය කල ඈ
හට අවසානයේ සහනයක් ලබා දුන්නේ ඇගේ අත්තම්මාය. ඇගේ අත්තම්මා විසින් ඈ
යුනිසෙෆ් සංවිධානයේ HIV ඒඩ්ස් නිවාරන වැඩසටහනකට යොමු කරනවා. එහිදී ඈ හට
මවගෙන් දරුවාට රෝගය වැලදීම වලක්වාලීමට ප්රතිජීවක එන්නත් ලබා දෙනවා. ඉන් පසුව ඈ පුතෙක් බිහි කරනවා. වාසනාවට ඇගේ පුතාට රෝගය වැලදී තිබුනේ නැහැ.
ඉන් පසු ජෝ ගේ ජීවිතය ආලෝකමත්වනවා. ඈ සිතනවා ඈ වෙනුවෙන් කෙනෙක් මේ ලෝකයට
බිහි උනා කියලා. මේ වන විට 18 හැවිරිදි ඇගේ පුතා ඇගේ එකම සිහිනයයි.
යුනිසෙෆ් ආයතනයේ ඒඩ්ස් නිවාරන වැඩ සටහන් සදහා සහාය වීමට ඈ කැපවීමෙන් ක්රියා කලා. එහිදි ඇය දරු ප්රසූතිය ආසන්න ඒඩ්ස් ආසාදිත මව් වරුන් සමග අදහස් හුවමාරු කිරීමෙන් ඔවුන් දිරිමත් කරනු ලැබුවා. ඉන් ඔවුන් අතර ජෝ ජනප්රිය
තරුවක් බවට පත් වුනා. තම ජීවිතයට එල්ල වූ අභියෝගය ආදර්ශයක් කර ගනිමින් ඈ
ශක්තිමත් වුනා, මෙන්ම අන් අය වෙනුවෙන් විශාල සේවයක් කිරීමට හැකි වුනා.
2007 දී සිය මාතෘ භූමිය වෙනුවෙන් ඒඩ්ස් වලට එරෙහිව කටයුතු කිරීම පිලිබද
එක්සත් ජාතින්ගේ සංවිධානයේ දේශනයක් කිරීමට අවස්ථාව ලැබීමට තරම් ඈ හට
පිලිගැනීමක් ඇති වී තිබුනා. 2010 දි ඈ සිය නගරයේ නගරාධිපති තරගයට ඉදිරිපත්
වී ඉන් ජයගෙන එහි නගරාධිපතිනිය බවට පත්වනවා. පසුව ඈ හට ගල් මුල් වලින් ගසා
එලවා දැමූ අයම ඈ හට මල් මාලා දමා පිලි ගනු ලබනවා.
පසුව ඇගේ ධ්යෛර්යය
සම්පන්න ජීවිත කතාව ලේඛකයන් විසින් ලියනු ලබනවා. එම එක් කතාවක් වන්නේ
"Diary from the land of the brave" යන්නයි. ඈ විසින් "Digital Diary" නම්
ඒඩ්ස් මර්ධන වැඩසටහනද මෙහෙයවනු ලබන අතර ජර්මනියේ ඒඩ්ස් සදහා විශේෂ වැඩසටහන්
සම්බන්ධීකරණයද කරනු ලබනවා. සමාජයේ වැටෙන්න පුලුවන් අන්තයටම වැටුනු ඈ කිසි
දිනක තම ඉරණම විසින් ලබා දෙන දේ එලෙසින්ම භාර නොගත්තාය. ඈ ඊට අභියෝග කලා.
අවසානයේ ජය ගනු ලැබුවේ ඉරණම නොවේ. ඇගේ චිත්ත ශක්තියයි. ඇගේ අවසාන අපේක්ශාව
ඒඩ්ස් වලින් තොර පරම්පරාවක් ඇති කිරීමයි. ඈ ඒ සදහා වෙහෙස මහන්සි වී කටයුතු
කරයි.
අතීතයේ තමා මැරෙනතුරු බලා සිටි අයට ජෝ ලෙවි ඈන් වික් පවසන්නේ උමග කෙලවර ආලෝකය ඇති බවයි.
වැටී ඇති ජීවිත ගොඩනැගෙන්නට තව කෙනෙක්ට බලන්න Share කරමු.
ධනාත්මකව සිතමු පිටුවෙන් උපුටා ගැනීමකි.
දිනේෂ් ජයවර්ධන
පුද්ගල සංවර්ධන දේශක හා වෘත්තීය මාර්ගෝපදේශක
👍 Like me on Facebook
Search Link @dineshvoices
Sunday, 30 December 2018
Subscribe to:
Post Comments (Atom)
" ජයග්‍රාහකයා යනු කිසිවිටෙකත් අත්නොහරින සිහින දකින්නෙකි." "A winner is a dreamer, who...
-
නිව්මෝනියාව පරදවා ධනමේනියාව ඉටුකරගත් ප්රකෝටිපතියා ලැරී එලිසන් මේ වන විට ලෝකය පුරා බිලියනපතියණ් 2000 කට වඩා පිරිසක...
-
================== " ලෝකය ම මෙහිදී දකින්නේ ජපානය දියුණු වුණේ මහන්සි වෙලා වැඩ කිරීමෙන් කියලයි. ඒකේ වරදකුත් නැහැ. නමුත් මම විශ...
-
අවුරුදු 17 ක නව යොවුන් තරුණියක්ව සිටියදී රුධිර පරීකශණයක් සදහා ගිය ඈ හට ඉන් ලැබුනු ප් රථිපලයෙන් ඇගේ මුලු ලෝකයම ඇගේ දෙපා මුලම කඩා වැටුනා වාග...

No comments:
Post a Comment